සුංගාවිල - සෝමාවතිය මාර්ගය නැවත තාවකාලිකව වසා දමයි

Report

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සුංගාවිල - සෝමාවතිය ප්‍රධාන මාර්ගය යළිත් ජලයෙන් යටවී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම සුජන්ත ඒකනායක මහතා පැවසුවේ, මාර්ගයේ සැලකිය යුතු කොටස් ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බැවින් තාවකාලිකව මාර්ගය වසා දැමීමට පියවර ගත් බවයි.

මෙම මාර්ගය හරහා සෝමාවතිය රජමහා විහාරයට යන බැතිමතුන්ට සහ ගමන්කරුවන්ට දැඩි අපහසුතා ඇති වී තිබේ. බලධාරීන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ජනතාවට උපදෙස් ලබා දී තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත මෙම තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බැවින් ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසද දැනුම් දී ඇත.

රත්තරන් ගන්න හොඳම වෙලාවද මේක? දැන්ම බලන්න

රත්තරන් ගන්න හොඳම වෙලාවද මේක? දැන්ම බලන්න

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නි.නගරාධිපතිවරයාගේ දියණියත්

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් අය අතර මාලිමාවේ මහනුවර නි.නගරාධිපතිවරයාගේ දියණියත්