මේ මාර්ගය ගංවතුරෙන් යටවෙයි - රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට කටයුතු

Report

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල සෝමවතිය මාර්ගය ජලයෙන් යටවීම වැඩිවීම හේතුවෙන් එම මාර්ගයේ සියළු රථ වාහන ධාවනය තවදුරටත් අත්හිටුවීමට පුලස්තිපුර පොලීසිය කටයුතු කර ඇත.

ඒ අනුව සුංගාවිල සෝමාවතිය මාර්ගය සියළු රථ වාහන ධාවනය සඳහා තවදුරටත් වසා දැමීමට පුලස්තිපුර පොලිසිය කටයුතු කර තිබේ.

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

මහවැලි ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හමුවේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහල යාම මත මෙලෙස එම මාර්ගය මේවනවිට දිග්ගල ප්‍රදේශයෙන් අඩි 03කින් පමණ ජලයෙන් යටවී ඇත.

ඓතිහාසික සෝමාවතිය වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ජනතාව හට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොළොන්නරුව ආපදා කළමණාකරන ඒකකයේ නිළධාරීන් ජනතාවට දැනුම් දී ඇත.   

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ