හදිසියේම ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අවදානමක් නැහැ

Report

මැලේසියාවේ සබා (Sabah) ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) නිවේදනය කර ඇත.

මෙම භූමිකම්පාව හේතුවෙන් මෙතෙක් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බව තොරතුරු වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කිසිවක් ලැබී නොමැති බවයි.

මේ අතර තායිලන්තයේද භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා පළ වුවද පසුව එම නිවේදනය ඉවත් කර ගැනීමට ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

අද දවසේ කාලගුණය මෙන්න - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

අද දවසේ කාලගුණය මෙන්න - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

රික්ටර් මාපකයේ ඒකක 6.5ක භූකම්පන තත්ත්වයක් හටගෙන ඇතැයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර තිබුණද එය සිදුවූ දෝශයක් බවද පසුව වාර්තා කර තිබුණි.

එමෙන්ම තායිලන්ත කාලගුණ විද්‍යා සේවයද පවසා ඇත්තේ එරට තුළ කිසිදු භූ කම්පන තත්ත්වයක් නොමැති බවය.

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

ගෑස් ගන්න පෝලිමේ ඉන්න එපා - රටටම ගෑස් බෙදලා ඉවරයි

ගෑස් ගන්න පෝලිමේ ඉන්න එපා - රටටම ගෑස් බෙදලා ඉවරයි

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර