සූරියකාන්ත මල් මිලියන 1.5ක් වගා කරලා බිරිඳට අමුතුම සප්‍රයිස් එකක් දුන්න ආදරණීය සැමියෙක්.

United States of America
By krishani Aug 02, 2023 11:44 AM GMT
krishani

krishani

Report

සිය 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා තම බිරිඳ වෙනුවෙන් එක්සත් ජනපදයේ ගොවියෙක් විසින් අක්කර 80ක භූමි භාගයක සූරියකාන්ත මල් මිලියන 1.5 ක් රෝපණය කළ පුවතක් වාර්තා වේ.

Lee Wilson නමැති එම පුද්ගලයා සූරියකාන්ත මල්වලට ආදරය කරන තම බිරිඳ Reni ට පුදුම සහගත තෑග්ගක් ලබාදීමේ අරමුණින් මෙය වගා කළ බව එරට මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එය බිරිඳට රහසින් මැයි මාසයේ දී වගා කළ බවත් ඒ සඳහා තම පුතාගේ සහාය ලබා ගත් බවත් ඔහු සඳහන් කළේ ය.

එහි අක්කරයකට සූරියකාන්ත මල් 15,000ක් සිටවා ඇති අතර එම චමත්කාරජනක දසුන දැකීමට සහ ඡායාරූප ගැනීමට එම ප්‍රදේශයට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

ReeCha