අප්‍රකට රටක්, අලුත්ම මිසයිලයක් – ප්‍රථම වරට අත්හදා බලයි

Report

ඔස්ට්‍රේලියානු හමුදාව විසින් නවතම දිගු දුර මිසයිලයක් ප්‍රථම වරට අත්හදා බලා ඇත.

මෙම මිසයිලය Mount Bundey පුහුණු කඳවුරේ සිට එල්ල කර ඇති අතර, එය කිලෝමීටර් 300කට වැඩි දුරකින් පිහිටි ඉලක්කයකට නිවැරදිව පහර දී ඇති බව වාර්තා වේ. මෙම පරීක්ෂණය Exercise Talisman Sabre හමුදා අභ්‍යාසයේ කොටසක් ලෙස සිදුකර ඇත.

මාස දෙකක වතුර බිල් ගෙවලා නෑ, රුපියල් බිලියන 16ක ආදායමක් හිර වෙලා

මාස දෙකක වතුර බිල් ගෙවලා නෑ, රුපියල් බිලියන 16ක ආදායමක් හිර වෙලා

මිසයිලය මිනිත්තු 4 යි තත්පර 3කින් ඉලක්කය වෙත ළඟා වී ඇති අතර, එය පැයට කිලෝමීටර් 4,050ක වේගයකින් ගමන් කර ඇත. එය ශබ්දයේ වේගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි වේ.

එක්සත් ජනපදයේ නිෂ්පාදිත PrSM (Precision Strike Missile) මිසයිලයට කිලෝමීටර් 500ක දුරකින් පිහිටි ඉලක්කවලට නිවැරදිව පහර දිය හැකි බවත්, අනාගතයේදී එහි ප්‍රහාරක පරාසය කිලෝමීටර් 1,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

එක්සත් ජනපද හමුදාව සඳහා සංවර්ධනය කරන ලද මෙම PrSM මිසයිලය, පසුගිය මාසයේ ඩොලර් මිලියන 310ක ගිවිසුමක් යටතේ ඔස්ට්‍රේලියාවට ආනයනය කර ඇත.

ඔස්ට්‍රේලියාවේ YouTube තහනමට Googleගෙන් දැඩි පිළිතුරක්

ඔස්ට්‍රේලියාවේ YouTube තහනමට Googleගෙන් දැඩි පිළිතුරක්