හිටපු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හන්දි ගානේ කොකේන් බෙදලා
කලින් පැවති ආණ්ඩුව සිදු කෙරූ විවිධ දූෂණ අක්‍රම කතා පිළිබඳව නව රජය විටින් විට විවිධ කරුණු හෙළි කළා. ඒ අනුව එළියට ආපු තවත් කතාවක් තමයි මේ.
තරුණ සේවා සභාව හැදුවා යැයි කියන හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ තරුණ කටයුතු අමාත්‍යවරයා තරුණ සේවා සභාවේ කල දූෂිත ගනුදෙනු කෝප් කමිටුවේදී අනාවරණය වෙමින් ඇතැයි නියෝජ්‍ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කරනවා.
පරක්කු වෙන්නැතුව ඒ සියලුම දේවල් සඳහා නීතිමය ක්‍රියාමාර්ග බොහොම ඉක්මනින් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසුවේය.
ඊට අමතරව එකල තරුණ කටයුතු භාරව සිටි සමහර ඇමතිවරුන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඇවිත් හන්දි ගානේ බෙදා දුන් බවත් මෙරට තරුණයන් ඒ සඳහා ගොදුරු කරගැනීමට අලෙවි කල බවත් හෙතෙම සඳහන් කළේය.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
ඒ අනුව තරුණ ප්‍රජාවට විශාල අසාධාරණයක් සිදු කර ඇති බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළා. උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම චෝදනාව ඉදිරපත් කළේය.
