පොලිසියට අභියෝගයක් - මරදාන කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම්
By R.rishma
මරදාන පොලීසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වීමෙන් පසුව, එම චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පොලිස් බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම තහනම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින අතර, එම කොස්තාපල්වරුන්ට එරෙහි චෝදනාවල සත්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.