Online පනතට එරෙහි සුමන්දිරන්ගේ FR පෙත්සමට අද ලැබුණු තීන්දුව.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ ආකාරය නීතියට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීරණය කළා.
අදාල තීන්දුව ලබාදී ඇත්තේ, ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
සුමන්දිරන් මන්ත්‍රීවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන ඊට ඇතුළත් නොකිරීම හේතුවෙන් එය නීත්‍යානුකූලව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින්.