බාල ගල්අඟුරු සිද්ධියට සමාගමෙන් ලොකු දඩයක්

Report

 ගල් අඟුරු නියමිත තත්ත්වයේ නොතිබීම නිසා ඒ සඳහා අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අය කරගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා සදහන් කර තිබේ.

එතුමා මේ බව සදහන් කළේ මතභේදාත්මක ගල් අඟුරු ආනයන සිද්ධිය පිළිබඳ කරුණු දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ඔහු පැවසුවේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ විශේඥයෝ ඉදිරියේ අදාළ ගල් අඟුරු සාම්පල ලබා ගත් අතර එම සාම්පල ඉන්දීයාවවට යවා අදාළ පරීක්ෂණ කටයුතු සිදු කළ බවත්ය.

ඒ වගේම තව දුරටත් එතුමා සදහන් කළේ දෙවැනියට ගෙන ආ ගල් අඟුරු නැවේ සාම්පල වාර්තා වල කිසිදු ගැටලුවක් නොමැති බවයි.

ඒ වගේම තෙවැනි නැව සහ සිව්වැනි නැවත මේ වනවිට ගොඩ බාමින් සිටින බවත් ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා ප්‍රකාශ කර තිබේ.  

ගල්අඟුරු හිටපු සභාපති ලෝක අමාරුවක.. මැතිසබයට කැඳවයි

ගල්අඟුරු හිටපු සභාපති ලෝක අමාරුවක.. මැතිසබයට කැඳවයි

අධ්‍යාපනය කියන්නේ විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම විතරක් නෙමේ අගමැතිනී කියයි

අධ්‍යාපනය කියන්නේ විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම විතරක් නෙමේ අගමැතිනී කියයි