කැලණිය සරසවියම හඬවමින් මියගිය සිසුවාගේ මරණ පරික්ෂණ වාර්තාව එළියට. - මරණයට හේතුව හෙළිවෙයි.

By Wayomi Oct 25, 2024 05:39 AM GMT
Report

කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ හතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා මහත්මිය විසින් පවත්වනු ලැබුවා.

එහිදී ඔහුගේ පපුවට හා කොදු ඇට ප්‍රදේශයේ අස්ථි බිදී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිදීමේ හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිබෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළා.

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

ඔබත් මෙහි මුදල් තැන්පත් කළාද? - අනවසර තැන්පතුවක් ගැන ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක්.(PHOTO)

මෙලෙස මියගියේ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගණකාධිකාරී අංශයේ සිව්වැනි වසරේ සිසුවකු වන බිබීල රිදීමාලියද්ද ප්‍රදේශයේ ප්‍රින්ස් රාජු බණ්ඩාර නමැති 24 හැවිරිදි සිසුවෙකි.

පෙරේදා (23 වැනිදා) අලුයම කාලයේ වූ මෙම සිද්ධිය මහර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව මහර වැඩබලන මහේස්ත්‍රාත් විරේන්දා කනංකෙගේ මහත්මිය පෙරේදා ( 23 වැනිදා ) දහවල් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් නිරීක්ෂණය සිදු කොට මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රාගම මහ රෝහලට යවන ලෙසට කැලණිය පොලිසියට නියෝග කළා. 

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

රාජ්‍ය අමාත්‍යවරු නොමැතිව මෙරට කැබිනට් මණ්ඩලයට 25 ක් කරයි.

4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.

4, 13 අංකවලින් එන කෝල් ඉස්සුවොත් ෆෝන් එක පුපුරයි - මෙන්න අලුතෙන්ම ඇහෙන ආරංචිය. - විශේෂ නිවේදනයක්.