සුළඟේ වේගය 60 දක්වා ඉහළට- ලංකාව වටා මුහුද අතිශය රළු වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්
By Kanchana
ඉදිරි පැය 24 තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ ක්‍රියාත්මක බහුදින ධීවර යාත්‍රාවලට රළු මුහුදු තත්ත්වයන් සහ තද සුළං අපේක්ෂා කළ හැකි බැවින්, ප්‍රවේශම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකිය.
ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරේ දක්වා සහ කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා වැඩි විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදක් අපේක්ෂා කළ හැකි බවත්, ධීවරයින්ට සහ සමුද්‍ර කටයුතුවල නියැලී සිටින අයට අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙයි.