මියගිය තරුණයන්ගේ වළ හාරා මහ රෑ කරපු අද්භූත තොවිලය- මිනී පෙට්ටිත් අතුරුදන් වෙලාද? cctv වලින් සේරම මාට්ටු

Report

කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ භූමදානය කර තිබූ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු ඇති වළක් හාරා තොවිලයක් පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මැයි 16 දින දියේ ගිලී මියගිය තරුණයින් දෙදෙනා එම සුසාන භූමියේ එකම ස්ථානයක භූමදානය කර තිබූ අතර, ජූනි 14 අලුයම කිසියම් පිරිසක් එම වළ හාරා තොවිලයක් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

CCTV දර්ශන ඔස්සේ සැකකටයුතු ලොරි රථයක් සහ යතුරුපැදියක් හඳුනාගෙන ඇති අතර, විමර්ශනවලදී එක් නිවැසියෙකු පවසා ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් සඳහා මහියංගණයෙන් පැමිණි යකදුරන් පිරිසක් එම තොවිලය පැවැත්වූ බවයි.

අදාළ   සැකකාර   නිවැසියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව ඇප මත මුදාහැර තිබේ.

සුළඟේ වේගය 60 දක්වා ඉහළට- ලංකාව වටා මුහුද අතිශය රළු වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

සුළඟේ වේගය 60 දක්වා ඉහළට- ලංකාව වටා මුහුද අතිශය රළු වෙයි - ධීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

මේ අතර, වළ තුළ මිනී පෙට්ටි නොමැති බවට ඥාතීන් සැක පළ කිරීමෙන් උණුසුම් තත්ත්වයක් හටගත් නමුත්, පසුව සිදුකළ කැණීම්වලදී මිනී පෙට්ටි එහි පවතින බව තහවුරු වී ඇත.

සිද්ධියට සම්බන්ධ යකදුරා ඇතුළු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව කොස්ගම පොලිසිය සඳහන් කළේය.