රියදුරන්ගේ සෙල්ලම් ඉවර කරන්න තෙල්දෙණිය ජාතික පාසලෙන් ඇරඹෙන මහා සටන
By Malith Madushan
රථවාහන අනතුරු අවම කර ගැනීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම අරමුණු කරගත් “TAKE CARE - සුරැකෙමු මගතොට” වැඩසටහනේ දෙවන අදියරේ හයවන වැඩසටහන තෙල්දෙණිය ජාතික පාසලේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
රථවාහන අනතුරු අවම කර ගැනීම සඳහා රියදුරන්ගේ මෙන්ම මාර්ග භාවිතා කරන සියලුදෙනාගේ සැලකිලිමත් බව අතිශයින් වැදගත් බවද මෙහිදී අවධාරණය කෙරේ.
මෙම වැඩසටහන මේ වන විට තෙල්දෙණිය ජාතික පාසලේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින අතර, පාසල් සිසුන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණයි.
“ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.