උඩ පහළ යන රන්මිලේ අද වෙනස මෙන්න - රත්තරන් ගන්න අදනම් හොඳම දවසක් - පරක්කු කරන්න එපා
උඩ පහළ යන මෙරට රන් මිල ගණන් අද(17) දින වාර්තා වූයේ පහත පරිදීයි.
ඒ අනුව අද ශ්‍රී ලංකාවේ,
රන් අවුන්ස රු. 1,347,888.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 47,550.00
කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1)රු. 380,400.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 43,590.00
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 348,700.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 41,610.00
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 332,850.00 බවට වාර්තා වේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල වෙනස් වීම ශ්‍රී ලංකා වෙළෙඳපොළේ අස්ථාවරත්වයට සහ රන් මිලට හේතු වන බව ආර්ථික පර්යේෂකයින් පෙන්වා දෙයි. එසේම, රන් මිලදී ගැනීමට බලා සිටින අයට රන් මිලදී ගැනීමේදී මිල වෙනස්වීම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත් මෙම රන් මිල ගණන් නිරන්තරයෙන් උච්චාවචනය විය හැකි බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ රන් මිල ගණන් නැවත පරික්ෂා කිරීම සුදුසුය. ඊයේ දිනයේදී ඉකුත් සතියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන් මිල රුපියල් 16,000කින් ඉහළ ගොස් ඇත.
මේ බව සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කර ඇති අතර වැට් බදු පැනවීම මෙන්ම ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම මෙම මිල වැඩිවීමට හේතු වූ බවයි.
එසේම රන් මිල මෙලෙස ඉහළ යාම හේතුවෙන් රන් ආභරණ සහ රන් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.