"මට ඉක්මනින් පීසා එකක් ඕනේ" පොලිසියට ආපු අමුතුම කෝල් එක පිටුපස තිබුණු බිහිසුණු රහස මෙන්න
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නගරයෙන්, සිය සූක්ෂ්ම බුද්ධිය සහ ක්ෂණික ක්‍රියාමාර්ග මත ජීවිත අවදානමකට මුහුණ දුන් විදේශීය කාන්තාවක් බේරාගත් අපූරු සිදුවීමක් වාර්තා වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, රාත්‍රී කාලයේ සාජා පොලිසියේ හදිසි ඇමතුම් අංශයට කාන්තාවක් අමතා “මට ඉක්මනින් පීසා එකක් අවශ්‍යයි” යනුවෙන් පවසා තිබුණි. මුලදී එය වැරදි ඇමතුමක් ලෙස සැලකූ පොලිස් නිලධාරියා ඇමතුම අවසන් කිරීමට උත්සාහ කළද, කාන්තාව නැවතත් එය පීසා ඇණවුමක් බව අවධාරණය කිරීමත් සමඟ තත්ත්වයේ අසාමාන්‍ය බව ඔහුට වැටහී ගියේය.
ඇමතුමට පිළිතුරු දුන් “ඛමීස්” නම් නිලධාරියා, කාන්තාව අනතුරුදායක තත්ත්වයක සිටින අතර ඇය අසල සිටින පුද්ගලයින්ට නොදැනෙන ලෙස සහාය ඉල්ලන බව වටහාගෙන තිබේ. ඇයට නිදහසේ කතා කළ නොහැකි බව තේරුම් ගත් ඔහු, පීසා ඇණවුමක් භාර ගන්නා ආකාරයට කතා කරමින් රහසිගතව තොරතුරු ලබා ගැනීමට කටයුතු කර ඇත.
“පීසා කීයක් අවශ්‍යද?” යන ප්‍රශ්නයට ඇය “එකක්” යනුවෙන් පිළිතුරු දීමෙන් අනතුරට ලක්ව ඇත්තේ තමන් පමණක් බවත්, “බීම කීයක් අවශ්‍යද?” යනුවෙන් විමසූ විට “දෙකක්” යන පිළිතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේ සිටින බවත් නිලධාරියා වටහාගෙන තිබුණි.
එමෙන්ම, කාන්තාව සමඟ දුරකථන සම්බන්ධතාවය පවත්වාගෙන යමින් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් ඇය සිටින ස්ථානය හඳුනා ගැනීමට ද ඔහු සමත් වී ඇත.
ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි
ස්ථානය තහවුරු කිරීමෙන් අනතුරුව, සාජා පොලිසියේ ක්ෂේත්‍ර ඒකක වහාම ක්‍රියාත්මක වී අදාළ නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන කාන්තාව ආරක්ෂිතව මුදාගෙන තිබේ.
පොලිස් නිලධාරියාගේ අවධානය, තත්පර කිහිපයකදී නිවැරදි තීරණ ගැනීමේ හැකියාව සහ වෘත්තීය දක්ෂතාව හේතුවෙන් කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙම සිදුවීම ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගත් අතර, හදිසි අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ගේ සූදානම සහ දක්ෂතාවයේ වැදගත්කම තවත් වරක් ඉස්මතු කළ අවස්ථාවක් ලෙස සැලකෙයි.