තව සුළු මොහොතකින් මේ අයට පැය 13ක ජල කප්පාදුවක් සිදු කරන බවට දැනුම්දීමක්
By Kaushi
උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (17) දින පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව උඩවලව ජල සම්පාදන යෝජනා ක්රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු කර ඇති බව දන්වයි.
එබැවින් උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්රිත ප්‍රදේශවලට අද පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව පවසයි.
එම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.