පාස්කු විමර්ශන උණුසුම් වෙයි - හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සම අධිකරණය හමුවේ කැඳවයි

Report

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද (17) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ, අදාළ ලේඛන තමන්ට ලැබී ඇත්තේ අද පෙරවරුවේ බවත්, වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, වගඋත්තරකරුවන්ගේ උපදෙස් නොමැතිව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට සහතිකයක් ලබාදිය නොහැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය දැනුම් දුන්නාය.

සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ FCIDයට - නාවික හමුදාවට සම්බන්ධ වුණේ කොහොමද? උඩුදුවන ප්‍රශ්ණය

සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ FCIDයට - නාවික හමුදාවට සම්බන්ධ වුණේ කොහොමද? උඩුදුවන ප්‍රශ්ණය

මේ අතර, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පුද්ගලික හේතුවක් මත නඩු විභාගයට සහභාගී නොවන බව ප්‍රකාශ කළ අතර, කරුණු සලකා බැලීම අද දහවල් දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.