ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි -රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

Report

ගලහා - මහනුවර මාර්ගයේ හාල්වත්ත ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් මතට ෆයිනස් ගසක් කඩා වැසී අයෙකු තුවාල ලබා ඇත.

මෙම ත්‍රිරෝද රථය ගලහ ප්‍රදේශයේ විදුහලක සිට මහනුවර ප්‍රදේශය දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත රෝගී සිසුන් දෙදෙනෙකු රැගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ .

මෙම අනතුරින් ත්‍රිරෝද රථයට දැඩි හානි සිදුව ඇති අතර, රියදුරු තුවා ලබා ඇත. තුවාල ලැබූ රියදුරු දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට ඇති අතර රථයේ පසුපස කොටස ගමන් ගත් සිසුන් දෙදෙනාම සුළු තුවාල ලබා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඊයේ සවසම රෝහලින් පිටව ගොස් තිබේ

මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් දිරා ගිය සහ මියගිය ෆයිනස් ගස් විශාල ප්‍රමාණයක් ඇති අතර, රථ වාහන ධාවනයේ දී රියදුරන් දැඩි කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලීසිය සදහන් කරයි

ගලහා පොලිසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.