මහින්ද රාජපක්ෂ නැවතත් බලයට? අපිට ශක්තියක් තියෙනවා - හදිසියේම සිදුකළ ප්‍රකාශය මෙන්න [VIDEO]
රටේ ජනතාව අදවන විට ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බවත් බලය දුන්නොත් එය වෙනස් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
අද (13) පැවති 'මෙහෙවරක ප්‍රණාමය' උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
"ගොඩක් අමාරුවෙන් ජිවත් වෙන ජනතාවක් අද ඉන්නේ. මං හිතන්නෙ නෑ දැන් ජනතාව එදාවේල කන්නවත් පුළුවන් තත්ත්වයක ඉන්නේ කියලා. අපිට ශක්තියක් තියෙනවා. බලය දුන්නොත් අපි කරලා පෙන්වන්නම්" යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.
එහි දර්ශන පහතින්
ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්? පාස්කු ප්‍රහාරයේ වුණේ ස්ක්‍රිප්ට් එකකට? යූටියුබ් නාලිකාවෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්