සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ FCIDයට - නාවික හමුදාවට සම්බන්ධ වුණේ කොහොමද? උඩුදුවන ප්‍රශ්ණය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (17) උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ඊයේ (16) පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබුණද ඔහු කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔහුට අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට අවශ්‍යව ඇති බැවින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.
මෙලෙස පැමිණීමට නොහැකි බව දැනුම්දීමෙන් පසුව අල්ලස් කොමිසම යෝෂිත රාජපක්ෂට අද (17) දිනයේ පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. ඒ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව ලැබීමට අදාළව සිදුවූ ක්‍රියාවළිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කල විමර්ශනයට සම්බන්ධවය. මේ අතර මෙම සිදුවීමට අදාළව එවක නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
එහෙත් ඔහු පවසා ඇත්තේ, කැඳවීමට අදාළ ලිපිය තමන්ට ලැබී නොමැති බවයි. ඒ අනුව, වසන්ත කරන්නාගොඩට ලබන සතියේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ.
ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීම ගැන ඉඟියක් - ලබන සිකුරාදා වෙන්න යන අලුත්ම වෙනස - ඇමති නලින්ද කරුණු හෙළි කරයි
යෝෂිත රාජපක්ෂ ඊයේ දිනයේ අභියාචනාධිකරණයට ගොස් ඇත්තේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ 'කුමන්ත්‍රණය' නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගන්නා බැවින් එයට සහභාගී වීම සඳහාය.