ආණ්ඩුවේ ලාංඡනය ගහලා ඔන්ලයින් කැසිනෝ දානවා බෝලෙන් බෝලෙට.. වර්ල්ඩ් කප් එකේ ඇඩ් එකෙන් හර්ෂට මළ පනී
ශ්‍රී ලංකාවේ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන විසින් අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කරන මෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මඟින් ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු අදාළ ආයතන වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
මේ අතර කිසිදු නියාමනයකින් තොරව මෙරට ක්‍රියාත්මක වන අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි, සිය ප්‍රචාරණ කටයුතු ප්‍රසිද්ධියේම සිදු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටියි.
එමෙන්ම මෙය වත්මන් නීති පද්ධතියේ පවතින විශාල හිඩැසක් බවත්, මේ හේතුවෙන් රජයට උපයා ගත හැකිව තිබූ බිලියන ගණනක දැවැන්ත බදු ආදායමක් රටට අහිමි වෙමින් පවතින බවත් ඔහු අවධාරණය කර ඇත.
මේ අතර මෑතකදී කැඳවා තිබූ කාරක සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසූ බව සඳහන් කළ සභාපතිවරයා, ඇතැම් අන්තර්ජාල දැන්වීම් ප්‍රචාරණය ඔස්සේ රජයේ නිල ලාංඡනය පවා අත්තනෝමතික ලෙස භාවිත කර ඇති අයුරු තමා දුටු බව අනාවරණය කරමින් ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ කෙසේද යන්න ප්‍රශ්න කර තිබුණා.
එසේම මෙවැනි බරපතළ තත්ත්වයක් හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බැවින්, මෙම ගැටලුව පිළිබඳව කඩිනමින් සොයා බලා පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසට අදාළ ආයතන වෙත විධිමත් නියෝගයක් නිකුත් කරන බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
Online betting sites are advertising openly across Sri Lanka, yet they operate with zero regulation. How is this allowed?
— Harsha de Silva (@HarshadeSilvaMP) June 16, 2026
At our COPF session, I questioned officials on this massive legal blind spot and the billions in lost tax revenue bleeding from the state. Watch the full… pic.twitter.com/j97eEdWMqP