රනිල් මහින්දලට කියන්නේ ඕගොල්ලන්ගේ කාලේ ඉවරයි දැන් විශ්‍රාම යන්න.. ලෝකෙට විහිළුවක් වෙන්න එපා - මාලිමාව ප්‍රසිද්ධියෙම කියයි [VIDEO]

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇති බව මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ ප්‍රකාශ කරන බව සඳහන්. එබැවින් ලෝකෙට විහිළුවක් නොවී ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වේ.

අසිත නිරෝෂණ මහතා විසින් ඇවිද ගැනීමටවත් නොහැකිව මග වැටි වැටී යන තත්ත්වයක සිටින මහින්ද රාජපක්ෂ යළි බලය ඉල්ලීමත්, දෙකට තුනට වකුටු වී සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයත් ලෝකෙටම විහිළුවක් වී ඇති බව පෙන්වා දෙයි.

ණය ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි අපි බලයට එන්නත් කළින් කිව්වේ අපි ආවහමත් ණය ගන්නවා කියලා - මාලිමාවෙන් පැහැදිලි කිරීමක්

ණය ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි අපි බලයට එන්නත් කළින් කිව්වේ අපි ආවහමත් ණය ගන්නවා කියලා - මාලිමාවෙන් පැහැදිලි කිරීමක්

එමෙන්ම වැඩිහිටි පුරවැසියන් ලෙස ඔවුන්ට අපහාස නොකරන නමුත්, ඔවුන්ගේ වත්මන් කායික තත්ත්වය හමුවේ තවදුරටත් බලය ඉල්ලීම හාස්‍යයට කරුණක් බවත් ඔහු අවධාරණය කර ඇත.

කඩුවෙල බස් විවෘත කිරීමකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිමා මන්ත්‍රීවරයා, "ඔගොල්ලන්ගේ කාලේ දැන් ඉවරයි. දැන් තියෙන්නේ ජේෂ්ඨ පුරවැසියන් විදිහට තමන්ගේ ජීවිතේ අවසාන කාලේ හන්සි පුටුවකට වෙලා, මුණුබුරු මිණිබිරියන්ගෙන් උපස්ථාන ලබමින් ඉන්න කාලයයි. අලුත් පරම්පරාවට රට භාර දීලා, ඉතිහාසයේ යම් හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒක මතක් කරගෙන විශ්‍රාම සුවයෙන් ඉන්න" යනුවෙන් සඳහන් කර ඇත.

සුරේෂ් සලේට මේ වෙද්දී කිසිසේත්ම අසාධ්‍ය තත්ත්වයක් නැහැ - ඇමති නලින්ද

සුරේෂ් සලේට මේ වෙද්දී කිසිසේත්ම අසාධ්‍ය තත්ත්වයක් නැහැ - ඇමති නලින්ද

නෝර්වේ රජ පවුලටම කැළලක් - ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවම් - හේතුව මෙන්න

නෝර්වේ රජ පවුලටම කැළලක් - ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවම් - හේතුව මෙන්න

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,