නිලක්ෂිකා සිල්වාගේ සටන්කාමී ඉනිමෙන් නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

Report

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 150ක් රැස් කළහ.

නවසීලන්ත ඉනිමේදී සොෆී ඩිවයින් සහ නායිකා මෙලී කර් ලකුණු 45 බැගින් ලබාගත් අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී ලකුණු 153ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළහ. ශ්‍රී ලංකා ඉනිමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 27ක්ද, කෞෂානි නුත්‍යාංගනා නොදැවී ලකුණු 24ක්ද, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 54ක්ද රැස් කරමින් ජයග්‍රහණය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නාය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නෙන්සි පටෙල් කඩුලු 2ක් දවා ගත්තාය.”