මුළු ලංකාවටම වලංගුයි - හෙට පෙරවරු 1 දක්වා අති විශේෂ අනතුරු ඇඟවීමක්
By Ashfa
වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු-මැද පළාත් සහ ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම හෙට (05) පෙරවරු 01.00 දක්වා වලංගු වනු ඇත. මෙම ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
මේ අතර මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
තවද මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරත් සඳහන් කරයි.