දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වය - ජූනිවල ඉඳන් මහ විනාසයක් වෙන බවට ලෝකෙටම රතු එළි

Report

දශකයකට පසු ඇතිවන ප්‍රබලම 'එල් නිනෝ' තත්ත්වය පිළිබඳ පුරෝකථනයන් නිසා 2026 වසරේ දෙවන භාගයේදී ආසියාව පුරා උණුසුම් හා වියළි කාලගුණයක් අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම ඉරාන යුද්ධය හේතුවෙන් පොහොර හිඟයකට සහ ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දී සිටින ගොවීන්ට, මෙම කාලගුණික විපර්යාසය නිසා වගා හානි සහ ආහාර සැපයුම් අඩාල වීම්වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ද සඳහන්.

මේ අතර ජපාන කාලගුණ කාර්යාංශයට අනුව, උත්තර අර්ධගෝලයේ ගිම්හාන කාලයේදී එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 70ක් ලෙස වාර්තා වේ.

ඉදිරියේදී කන්න බොන්න නැති වෙයිද? ආසියාවට එන දරුණු ආහාර උද්ධමනය ගැන ෆිච් කියන කතාව

ඉදිරියේදී කන්න බොන්න නැති වෙයිද? ආසියාවට එන දරුණු ආහාර උද්ධමනය ගැන ෆිච් කියන කතාව

එමෙන්ම චීන බලධාරීන් සඳහන් කරන්නේ මෙය වසර අවසානය දක්වා පැවතිය හැකි බවයි. එමෙන්ම ඉන්දියාව වසර තුනකට පසු පළමු වරට සාමාන්‍ය අගයට වඩා අඩු මෝසම් වර්ෂාපතනයක් අපේක්ෂා කරයි.

මේ අතර ස්විට්සර්ලන්තයේ 'Meteomatics' ආයතනයේ කාලගුණ විද්‍යාඥ ක්‍රිස් හයිඩ් ප්‍රකාශ කරන්නේ, "ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දැනටමත් දැඩි උණුසුමක් සහ වියළි බවක් දක්නට ලැබෙන" බවයි.

එමෙන්ම මෙවැනි තත්ත්වයක් මින් පෙර වාර්තා වී ඇත්තේ 2015-2016 කාලයේ ඇති වූ දරුණු එල් නිනෝ තත්ත්වය සමයේදී බවයි ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම කාලගුණික ප්‍රශ්නවලට අමතරව, ඉරාන යුද්ධය නිසා ලෝක යූරියා වෙළඳාමෙන් සියයට 30ක් පමණ සිදුවන හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බැවින් පොහොර සැපයුම අඩාල වී ඇත.

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

මාරාන්තික තත්ත්වයක් - කොළඹින් රෝගීන් හමුවීමත් සමඟ මේ එන්නත් අනිවාර්යයෙන් ලබාගන්නැයි දන්වයි

ඒ අනුව ඉන්ධන මිල ඉහළ යාම සහ ජල හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගොවීන්ට තිරිඟු සහ කැනෝලා වගාවන් සීමා කිරීමට දැනටමත් සිදු වී ඇති බව පවසයි.

එසේම වියළි කාලගුණය හේතුවෙන් පාම් ඔයිල් සහ සහල් නිෂ්පාදනයට ද තර්ජන එල්ල වී ඇත.

මේ අතර මැලේසියාවේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් නිෂ්පාදනය සියයට 5 සිට සියයට 12 දක්වා පහත වැටිය හැකි බවයි.

එමෙන්ම ජූනි සිට සැප්තැම්බර් දක්වා පවතින මෝසම් වර්ෂාව සාමාන්‍ය අගයට වඩා සියයට 70 - සියයට 90 දක්වා අඩු විය හැකි අතර, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දැඩි නියඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා

ලොවම කතා කළ "ආටෙමිස් II" මෙහෙයුම නිසා ශ්‍රී ලංකාව ගැන කතාවෙයි කියලා කවුද හිතුවේ - ශ්‍රී ලාංකිකයෙකුත් මෙහෙයුමට එක් වෙලා

ලොව විශාලතම කෘෂි නිෂ්පාදන ආනයනකරුවා වන චීනයේ දකුණු දිග ප්‍රදේශවල ගංවතුර අවදානමක් ඇති විය හැකි අතර, එය සහල් සහ එළවළු වගාවන්ට හානි පමුණුවනු ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ සහ යුරෝපයේ වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි වුවත් මෙය ඇතැම් වගාවන්ට හිතකර වුවද, අස්වනු නෙළන කාලයේදී ඇතිවන අධික වර්ෂාව ධාන්‍යවල ගුණාත්මකභාවයට හානි කළ හැකි බවට කරුණු වාර්තා වේ.

එමෙන්ම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඛනිජ රසායනික ද්‍රව්‍ය සැපයුම අඩාල වීම නිසා පොහොර මිල ඉහළ මට්ටමක පවතින අතර පොහොර මිල ඉහළ මට්ටමක පවතින විට සහ වර්ෂාපතනය අඩු වූ විට, අස්වැන්න අඩු වගාවන් සඳහා අධික මිලක් ගෙවා පොහොර යෙදීමට ගොවීන් මැලි වෙන බවත් මෙය අස්වැන්න තවදුරටත් අඩුවීමට හේතු වන විෂම චක්‍රයක් නිර්මාණය කරනු ඇති බවත් Rabobank ආයතනයේ විශේෂඥයෝ දක්වා ඇත.

දරුණු ලැව් ගින්නකින් උතුරු ජපානය ඇවිලෙයි - ගින්න නිවන්න ගිනි නිවන භටයින් 1000ක් යොදවයි

දරුණු ලැව් ගින්නකින් උතුරු ජපානය ඇවිලෙයි - ගින්න නිවන්න ගිනි නිවන භටයින් 1000ක් යොදවයි