දරුණු ලැව් ගින්නකින් උතුරු ජපානය ඇවිලෙයි - ගින්න නිවන්න ගිනි නිවන භටයින් 1000ක් යොදවයි
By Kaushi
උතුරු ජපානය ලැව්ගිනි අඛණ්ඩව පැතිර යන කලාපයක් වන අතර එසේ පැතිර ගිය ලැව් ගින්නක්, මේ වන විට ජනතාව ජීවත් වන ප්‍රදේශයන් වෙත පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එබැවින් එම කලාපයේ ජීවත් වන 3000කට වැඩි පිරිසක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මේ අතර එම කලාපයේ පවතින වියලි කාලගුණය හේතුවෙන් ගින්න මැඩ පැවැත්වීමට අපහසු වී ඇති අතර ඒ සඳහා ගිනි නිවන භටයින් 1000ක් පමණ යෙදවීමට කටයුතු කර ඇති බවද විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වුවද ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදු වී නොමැති බව වාර්තා වේ.
එසේ වුවත් නිවසක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් විනාශ වී ඇති බව සඳහන්.