සුසාන භූමියෙන් හමු වුණු අමුතු භාණ්ඩය

Sri Lanka
By Gagana News Feb 27, 2025 06:55 AM GMT
Gagana News

Gagana News

Report

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගැනීමට පොලීසියට හැකිවිය.

මෙම විශේෂ වැටලීමේදී T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොයාගැනීමට නිලධාරීන් සමත් විය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමක් විමර්ශනය කිරීම සඳහා ඊයේ (26) උදෑසන එහි ගිය බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට මෙම ආයුධ පිළිබඳ තොරතුරු ලැබී ඇත.

ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

ජනාධිපති දිනකට පැය 18ක් වැඩ කරනවලු

මෙම ගිනිඅවි කවුරුන් විසින් සඟවා ඇත්දැයි තවමත් හෙළි වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැනටමත් ආරම්භ කර ඇත.

වැටලීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕළුගල, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් වන පද්මසිරි හා දොලමුල්ල මහත්වරුන් සමඟ පොලිස් සැරයන් සෝමසිරි, හේරත් සහ පොලිස් කොස්තාපල් බුද්ධික, සමන් හා සුබසිංහ යන මහත්වරුන්ද සහභාගි වී ඇත.

 

Online Doller බද්දට විරුද්ධ රජයේ අමාත්‍යවරයා... එය වහා වෙනස් කල යුතුයි.. (VIDEO)

Online Doller බද්දට විරුද්ධ රජයේ අමාත්‍යවරයා... එය වහා වෙනස් කල යුතුයි.. (VIDEO)

ReeCha