ඊශ්‍රායලයෙන් ඉරාන රාජ්‍ය රූපවාහිනී මැදිරි සංකීර්ණයකට ප්‍රහාරයක් [VIDEO]
ඊශ්‍රායල හමුදාව විසින් ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයකට 2025 ජූනි 15 වන දින බරපතළ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන මාධ්‍ය අනුව, මෙම ප්‍රහාරය එල්ල වූයේ එම රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ඊශ්‍රායලය පිළිබඳ සජීවී විවේචන ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවකදී ය.
කම්වලට විරුද්ධව දැඩි විවේචන ඉදිරිපත් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ප්‍රහාරයත් සමඟ රූපවාහිනී මැදිරි සංකීර්ණය තුළ දූවිලිවලින් පිරී යන අයුරු සජීවි විකාශනයේදී පටිගත වී ඇති අතර, එම දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා ව්‍යාප්ත වී ඇත. ප්‍රහාරයෙන් පසු එම නාලිකාවේ සජීවි විකාශනය හදිසියේම නවතා දමා, කලින් පටිගත කරන ලද වැඩසටහන් විකාශය කිරීමට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදිරි සංකීර්ණයෙන් ඉවත් වන ලෙස ඉරාන බලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බව වාර්තා වේ. මෙම අනතුරු ඇඟවීම, ඊශ්‍රායලයේ ඉලක්කගත ප්‍රහාරයක පෙරනිමිත්තක් ලෙස සැලකේ. එහෙත්, ඉරාන බලධාරීන් හෝ රූපවාහිනී මැදිරි සංකීර්ණයේ කාර්ය මණ්ඩලය එම අනතුරු ඇඟවීමට අනුව ක්‍රියා කර තිබුණේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
ප්‍රහාරය හේතුවෙන් රූපවාහිනී මැදිරි සංකීර්ණයේ යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානි සිදුව ඇති බව ආරම්භක වාර්තාවලින් හෙළි වේ. එමෙන්ම, මැදිරි සංකීර්ණය තුළ සිටි කාර්ය මණ්ඩලයට එල්ල වූ බලපෑම සහ ජීවිත හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ඉරාන බලධාරීන් විසින් තහවුරු කර නොමැත. ප්‍රහාරයෙන් පසු ඉරාන රාජ්‍ය මාධ්‍යවල සජීවි විකාශනයට එල්ල වූ බාධාව, ඉරානයේ ජනතාවට තොරතුරු ලබා ගැනීමේ හැකියාවට බලපෑමක් එල්ල කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
