සුනාමියක් ආවොත් ඔක්කොම කපෝතියි..තිබ්බ සුනාමි කුළුණු 7 ත් අයින් කරලා

Tsunami Sri Lanka Weather Sinhala news Breaking News
By Kaushi Jun 18, 2025 09:42 AM GMT
Kaushi

Kaushi

Report

ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කොට ඇති සුනාමි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණුවල පවතින අවදානම් තත්ත්වය සලකා බලා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කර ඇති බව වාර්තා වේ.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

මේ බව සඳහන් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා රැස්වූ අවස්ථාවේ දී බව පවසයි.

ලංකාවම ආවරණය වන ලෙස අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් පමණ 2004 වසරේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් ජනතාවගේ ජීවිත හා දේපොළ හානි අවම කර ගැනීමට නෙදර්ලන්ත ICET ආයතනය හා ලංකාවේ Foresight ආයතනය එකතුවෙන් ස්ථාපනය කර ඇති බවට වාර්තා වේ.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එහිදී කුළුණු 8ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපනය කර තිබෙනවා. එහෙත් අනතුරුදායක තත්ත්වය හමුවේ ඉන් එක කුළුණක් ඉවත් කිරීම නිසා මේ වන විට එහි කුළුණු 7ක් ඉතිරිව පවතින බව සඳහන්.

එසේ වුවද චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය හමුවේ ක්‍රියාත්මක වූ මෙම කුළුණුවලට තාක්ෂණික හේතුවක් නිසා සම්බන්ධතාව ලබාදිය නොහැකි වී ඇත. එබැවින් එම අවදානම මත කුළුණු ඉවත් කිර්මට කටයුතු කළ යුතු බව මෙහිදී හෙළි කර ඇත.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ බඩ තීරයේ අඳාළ කුළුණු ස්ථාපනය කර තිබෙන අතර අවදානම නිසා අහංගම ශාරිපුත්‍ර විද්‍යාලයේ සවිකළ කුළුණ උඩ කොටස ගලවා ඉවත් කර ඇති බව වාර්තා වේ.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

මේ වන විට කුළුණු දක්නට ලැබෙන්නේ කඩවත් සතර විද්‍යාලෝක විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය, හබරාදුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව උණවටුන, රත්ගම රත්න දීපාරාමය, මාදම්පාගම තෙල්වත්ත රජමහා විහාරය, බළපිටිය ශ්‍රී විජයාරාම විහාරස්ථානය, හික්කඩුව ට්‍රාන්ස් හෝටලය තුළයි.

කෙසේ වෙතත් අවදානම සලකා බලා ප්‍රමුඛතාවය මත රත්ගම, හික්කඩුව, අම්බලන්ගොඩ හා කඩවත්සතර කුළුණු හැකි විගස ඉවත් කිරීමට තීරණය කර ඇත.

ද්‍රෝහි වුණ හැමෝවම පුතානෝ එළවයි..තවත් කෙනෙක්ගේ සාමාජිකත්වය අත්හිටුවයි

ද්‍රෝහි වුණ හැමෝවම පුතානෝ එළවයි..තවත් කෙනෙක්ගේ සාමාජිකත්වය අත්හිටුවයි

ReeCha