ගොවීන්ට මෙන්න සුබ ආරංචි ගොඩක්
Agriculture Water And Action For Rural Development
Ministry of Agriculture
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාළ කාර්යන් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (17) දින මූලික සාකච්ඡාවක් පැවති බව නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසා ඇත.
ඒ අනුව මෙම ක්‍රියාවලිය යටතේ අඳාළ ක්ෂේත්‍රයන්හි තොරතුරු දත්ත පද්ධතියක් තුළට ඇතුළත් කිරිම සිදු කිරීමට නියමිතව පවතී.
එසේම නියෝජ්‍ය අමත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම වැඩපිළිවෙළත් සමග ලබන වසර අවසානය වනවිට නව ව්‍යාපෘති ආරම්භ කිරිමට හැකියාව ඇති බවයි.
ඊට අමතරව ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ව්‍යාපෘති අතර, නව වාරි ව්‍යාපෘති 10ක් ඇති බවයි.
එමෙන්ම ගොවින්ට රක්ෂණාවරණයක් සහ ඉඩම් කැබලි 500 ලබාදීම ඇතුළු නව ව්‍යාපෘති 25 ක් ද ඇතුළත් බව සඳහන් කර ඇත.
