ව්‍රායි පුරපති ලෙස වැඩ අරඹයි [VIDEO]

Report

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය.

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි මේ විදිහට ආයේ ඉන්ධන ගන්නවා බොරු

ඇය නගරාධිපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වනවා.

අදත් බිහිසුණු රිය අනතුරක්

අදත් බිහිසුණු රිය අනතුරක්