සාර්ථකත්වය තියෙන්නේ එකට වැඩ කළොත් විතරයි - පුරපති ව්‍රායි [VIDEO]

Provincial Council Colombo Sinhala news Vraie Cally Balthazaar
By Hashini Jun 18, 2025 06:38 AM GMT
Hashini

Hashini

Report

කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසන්නේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවය.

අද (18) උදෑසන වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොළඹ නගරයේ ඇති ගැටලු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බවය.

මෙහිදී මාධ්‍ය අමතමින් පුරපතිනිය සඳහන් කළේ පුරවැසියන් එක හඬින් කියා සිටියේ, "මේ පුරවරයත් වෙනස් කර දෙන ලෙස'' යැයි පැවසු නගරාධිපතිනිය මේ නගරය වෙනස් කිරීමේ වගකීම අප සතු වන බවද පැවසුවා.

අදත් බිහිසුණු රිය අනතුරක්

අදත් බිහිසුණු රිය අනතුරක්

ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇතැයි ද පැවසු ඇය, නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබාදීමට තමාට දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට ඇතැයි ද පැවසුවා.

එසේම ඇය සඳහන් කළේ අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවත් ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතුව ඇති බවත්ය.

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක් බවට පත්කිරීමට සිදුවන බව ද පැවසු කොළඹ පුරපතිනිය, සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියා.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න


ReeCha