යූ-ටියුබ් එකේ නොදන්න වැඩ දාන්න ගිය පොලිස් නිලධාරියට වැඩ වරදී
දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත වූ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්සේ පොලිස් බලධාරීන් කටයුතු කර ඇති බවට වාර්තා වේ.
ඒ ගල්කිස්ස කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ දෙහිවල පොලිස් ස්ථානාධිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වන බවක් හුවාදක්වමින් යූ -ටියුබ් නාලිකාවක් සමඟ සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් බව පවසයි.
ඒ අනුව අඳාළ සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට ඉකුත් (16) දින පියවර ගෙන ඇති බව සඳහන්.
අඳාළ යූටියුබ් වැඩසටහන ඉකුත් මැයි 31 වන දින හෝ ඊට ආසන්න දිනයකදී පවත්වා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
කෙසේ වෙතත් කිසිදු පදනමකින් තොරව අඳාළ නිලධාරියා තම උසස් නිලධාරීන්ට චෝදනා කරමින් කාන්තා නිලධාරීන්ට ද දැඩි ලෙස නිගාවන ආකාරයට ප්‍රකාශ කර ඇති බවට වාර්තා වේ.
ඒ අනුව ප්‍රකාශ කර ඇත්තේ අඳාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස දිස්ත්‍රික් 01 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගත් බවයි.
