යුධ ගිනි දැල් මැද හුස්ම ගන්නත් බයේ ඉන්න ලාංකිකයෝ..තානාපති කාර්යාලයත් ඉවත් කරලා..මෙහෙම ගියොත්..[VIDEO]

Report

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බවට ප්‍රකාශ කරයි.

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

ස්ථාවර තැන්පතු ගැන රජයෙන් දුන්න සුබම ආරංචිය මෙන්න

ඒ අනුව අඳාළ කටයුතු වෙනස් ස්ථානයක හිඳිමින් සිදු කරන බවද අමාත්‍යවරයා පවසා ඇත. මෙහිදී ඔහු විසින් සඳහන් කළේ දැනටමත් යුද්ධෙ නිසා මෙරට සිව් දෙනෙක් තුවාල ලබා ඇති බව‍යි.

තුවාල ලැබූ අයගෙන් එක් අයෙක්ගේ තත්ත්වය බරපතළ බවත් සෙසු තිදෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔහු පවසයි.

තුවාල ලැබූ සෑම දෙනාම ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් වන අතර තානාපති කාර්යාලය මැදිහත් වීමෙන් ඔවුන් පිළිබඳව කටයුතු සොයා බලමින් සිටින බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා ඇත.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

එසේම මේ වන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් විසි දහසක් පමණ සේවය කරන බවත් ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 35 දෙනෙකු රැඳී සිටින බවත් ඔහු සඳහන් කළා.

ඒ අතර 8 දෙනෙක් ඉරාන ජාතිකයින් සමග විවාහ වී ද සිටියි.

ඒ අනුව ඊශ්‍රායලය සහ ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය අඳාළ රටවල පිහිටි තානාපති කාර්යාල ඔස්සේ නිතර සොයා බලමින් සිටින බවද ඔහු පවසුවා.

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

ලොවක් ආදරයෙ කෙරූ ගීත කෝකිලාව සැබෑවටම ජීවිතයෙන් සමුගත්තද? නන්දා මාලනිය ගැන ඇහෙන තිත්ත ඇත්ත මෙන්න

"ඊශ්‍රායලයේ රැකියාවලට යවන එක අපි තාවකාලිකව නවත්වලා තියෙන්නේ නිවාඩු ඇවිල්ලා ඉන්න අයටත් අවස්ථාවක් නැහැ ආපහු යන්න. අපි වීසා කාලය දීර්ඝ කරන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කරගන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඊශ්‍රායලයට යන එකත් අනතුරුදායකයි. ඊශ්‍රායලයට යන්න ගිහිල්ලා ඩුබායි එයාර්පෝට් එකේදී 10 දෙනෙක් හිටියා අපි ඒ අයව ලංකාවට ගෙන්න ගන්න කටයුතු කළා. ඊශ්‍රායලයේ රැකියා කරන අයව මෙරට ගෙන්න ගන්න ගුවන් යානයක් යවන එක අසීරු කටයුත්තක්. කොහොම වුණත් අපි නිරන්තරයෙන් තානාපතිවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා." 

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන