විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් අපේ පැත්තට ඡන්දේ දීලා - කෞෂල්‍යා ආරියරත්න

Report

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තේරීමේදී සමගි ජන බලවේගය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් ද ඔවුන්ට විශ්වාස නොමැති වීම නිසා බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න පවසනවා.

ඒ අනුව එම ඡන්ද විමසීම දෙස බැලීමේදී ඔවුන්ගේ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවට ඡන්දය ලබාදී ඇති බවයි ඊයේ (17) දේශපාලන වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ.

අදත් බිහිසුණු රිය අනතුරක්

අදත් බිහිසුණු රිය අනතුරක්

 

ඇය ප්‍රකාශ කර සිටියේ එසේම, ඔවුන්ගේ පක්ෂය තුළ පවා තම මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදෙන බවට ඔවුන්ට විශ්වාසයක් නොමැති බවයි.

‘ඩීල් දැමීම’ යනු මන්ත්‍රීවරු සමග සාකච්ඡා කිරීම නොවන බවත්, ‘ඩීල්’ දැමීමේදී මීට පෙර ‍රුපියල් කෝටි 50කට පවා විකුණුනු මන්ත්‍රීවරුන් ද සිටි බවයි මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පත්වී සිටින ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කළ බවත්, එහි සැඟවීමට දෙයක් නොමැති බවයි. 

ඉරානයේ WhatsApp නතර වේ - WhatsApp සමාගම කනස්සල්ලෙන්

ඉරානයේ WhatsApp නතර වේ - WhatsApp සමාගම කනස්සල්ලෙන්