ට්‍රම්ප්ගේ ආරක්ෂක කවුන්සිලය රැස් වෙයි

Donald Trump Israel Sinhala news Iran-Israel War
By Hashini Jun 18, 2025 08:46 AM GMT
Hashini

Hashini

Report

ඊශ්‍රායලයට සහාය දැක්වීමට එක්සත් ජනපද හමුදා එක්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වූ බව වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයකට එළඹ නැති බවයි.

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දියණිය අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ට්‍රම්ප් විසින් පසුගියදා සමාජ මාධ්‍ය මගින් දැනුම් දී තිබුනේ ටෙහෙරාන් අගනුවර වාසය කරන සියලු දෙනාටම ඉන් ඉවත්ව යන ලෙසයි.

එසේම ඉරානයේ ගුවන් අවකාශය සම්පූර්ණයෙන්ම ඇමරිකාව විසින් පාලනය කරන බවත්, ඇමරිකානු ගුවන් හමුදාව ඉරාන ගුවන් හමුදාවට වඩා බෙහෙවින් ශක්තිමත් බවත් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතු බවයි. 

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

සියලු දෙනාම තම රටවලට පැමිණෙන්න ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් වහාම ඉවත් වන්න

ReeCha