මගේ කාමරේ දොරටුව හැමදාමත් විවෘතයි ව්‍රායිගෙන් ප්‍රකාශයක්
අද දින කොළඹ වහලකට සභාවේ පුරපති අසුනේ වාඩි වූ ව්‍රායි ඇය නගරය වෙනුවෙන් නගරය සංවර්ධනය වෙනුවෙන් ඉදිරියටත් වැඩ කරන බව පැවසුවා.ඇය සඳහන් කරේ ඇයගේ කාර්යාලයේ දොරටුව හැමදාමත් සියලු දෙනා වෙනුවෙන් විවර වන බවයි.
දිවුරුම් දීමෙන් අනතුරුව වැඩිදුරටත් ඇය අදහස් දැක්වුවේ පහත ආකාරයටයි.
" මෙතන ඉන්න සභිකයින් හැටියට ජනතාවට සහකම්පනයෙන් ඇහුම්කම් දීම හරීම වැදගත්. ඉතාමත්ම අමාරුවෙන් වැඩ කරන නිලධාරීන් පිරිසකුත් අපේ නගර සභාව ඇතුලේ ඉන්නවා, මම ඔබට ආචාර කරනවා! මේ විශාල වෙනස ඇති කරන්න ඔබතුමන්ට ඔබතුමියට ඉතාමත්ම ලොකු කර්තව්‍යක් තියෙනවා. මේ කාමරේ දොරටුව හැමදාම විවෘතයි. ලස්සන නගරයක, ලස්සන ජීවිත ගොඩනගන්න අපි එකතු වෙමු. අපි වැඩ කරමු."
යනුවෙන් ඇය අදහස් දැක්වූ අතර ඇය තනතුරේ දිවුරුම් දීමට ප්‍රථමයෙන්ද කොළඹ සංවර්ධන කටයුතු වලට දායකත්වය දැක්වීම තවත් විශේෂයක් බවත් සිහිපත් කළ යුතුමයි.
