කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට [VIDEO]
Provincial Council
Colombo
Sinhala news
By Hashini
කොළඹ නගර සභාවේ පුරපති ලෙස ව්රායි කැලි බල්තසාර් මහත්මිය මිට සුළු මොහොතකට කලින් තේරී පත් වුණා.
ව්රායි කැලී බල්තසාර්ට ඡන්ද 61ක් ලබා ගැනීමට ඇය සමත් වුණා.
කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය වෙනුවෙන් තරග කළ රීසා සාරුක්ට දිනා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.
නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස්වරිය විසින් යෝජනා කළ අතර ඊට ජාතික ජන බලවේගය විසින් රහස්ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කළා.
එහිදී ඡන්දය රහස්ය ඡන්දයක් ද විවෘත ඡන්දයක් යන්න සඳහා සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති කරනු ලැබුවා.
කෙසේ වෙතත් අවසානයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත් වීමට කොළඹ නාගරික කොමසාරිස්වරිය තීරණය කළා.
