පැසිෆික් සාගරයේ සුළි කුණාටු 3 ක් සක්‍රිය වෙයි - රටවල් රැසක් කළඹමින් 26 දෙනෙක් ජීවිතක්ෂයට
චීනය, ජපානය සහ පිලිපීනය යන රටවලට ඉකුත් දිනවල බලපෑ සුළි කුණාටු හේතුවෙන් එම රටවල මිලියන ගණනක ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පැසිෆික් සාගරයේ මේ වනවිට සුළි කුණාටු 3 ක් සක්‍රිය වී ඇති අතර මෙම සතිය මුලදී නැගෙනහිර චීනයට බලපෑ ඩොල්ෆින් ටයිෆූනයේ සුන්බුන්, දුර්වල වූ නිවර්තන කුණාටුවක් ලෙස රට අභ්‍යන්තරයට ගමන් කරන බැවින්, අද දින බීජිං වෙත ධාරානිපාත වර්ෂාවක් ගෙන එනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
එසේම ජපානයේ, ටෝකියෝ ඇතුළු කන්ටෝ කලාපයට එක රැයකින් චෑන්-හෝම් නිවර්තන කුණාටුව පහර දුන් අතර එතැන් සිට නිවර්තන අවපාතයක් දක්වා දුර්වල වී ඇත.
එමෙන්ම පිලිපීනයේ, සෘතුමය මෝසම් වැසි සහ ඩොල්ෆින් ඇතුළු කුණාටු හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඊට අමතරව ජපානයට දකුණින් නව නිවර්තන කුණාටුවක් වන නන්කා ද නිර්මාණය වී ඇති අතර එය උතුරට ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.