මේ විදිහට ආයෝජනය කරන්න කියනවා නම් අහුවෙන්න එපා - මූල්‍ය වංචාවක් එළියට

Report

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සඳහන් කරන පරිදි කොටස් වෙළඳපොළට මුදල් ආයෝජනය කිරීමට අවස්ථාව සලස්වන බව කියමින් ජනතාවගෙන් මුදල් එකතු කරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වේ.

මෙම ජාවාරම ජංගම දුරකථන යෙදවුමක් (APP) සහ පෞද්ගලික සමාගමක් හරහා සිදු වන අතර, කොමිෂන් සභාව අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ජනතාව එවැනි තත්ත්වයන්ට හසු නොවන ලෙස දැනුම් දෙයි.

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය (FIU) වෙත පැමිණිලි කර ඇති අතර, ඒ සම්බන්ධයෙන්ම පරීක්ෂණයක්ද කොමිෂන් සභාව මගින් සිදු කෙරේ.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරේන්ද්‍ර දිසා බණ්ඩාර මහතා පැවසුවේ, මෙම ජාවාරම හඳුනා ගැනීමෙන් පසුව International Organizations of Securities Commission (IOSCO) ආයතනයෙන් මග පෙන්වීම් ලබාගෙන එයට එරෙහිව නීතිය ක්‍රියාත්මකව කරන බවයි.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා, මේ බව පැවසීය.

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි

මේ පාසල දින නියමයක් නොමැතිව වසා දමයි