QR සම්බන්ධයෙන් තවත් ලොකු අවුලක් - ජනතාව ලොකු අවුලක
ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය QR කේතය තවමත් සාදා ගැනීමට නොහැකි වී ඇති බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.
එමෙන්ම එහි ලියාපදිංචි වීමට උත්සාහ කළ විට එය සිදු කර ගැනීමට නොහැකි බවත්, 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට අමතන ලෙස සඳහන් කළද එය ක්‍රියා නොකරන බවත් අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කර තිබේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එකවර QR කේතය ක්‍රියාත්මක කිරීම හරහා ජනතාව අපහසුතාවට පත්වන අතර, ලියාපදිංචි වීමට නොහැකි වූ පිරිස් වෙත සීමා සහිතව හෝ දින දෙකක් හෝ ඉන්ධන ලබාදීමේ ක්‍රියාමාර්ග ගැනීම යුතු බවයි.