වාසනාව අතේ අරන් යන කොට වෙලා තියන දෙයක් බලන්නකෝ..
By Piyumika
වාලම්පුරි තුනක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුවලගස්වැව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමක දී අනුරාධපුර, විහාර පාළුගම ප්රදේශයේ දී මෙම වාලම්පුරි තුන සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකරුවන් අදාළ වාලම්පුරි තුන අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් දෙදෙනා අවුරුදු 27 සහ 49 යන වයස්වල පසුවන්නන්.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
You may like this video