ගාලු මුවදොර ආහාර අලෙවිසැල් ගැන තීරණයක්.
Colombo
Sri Lanka
Sri Lanka Food Crisis
By krishani
කොළඹ ගාලු මුවදොර පවත්වාගෙන යන ආහාර පාන අලෙවිසල් හා ජංගම ආහාර වෙළඳුන් නියාමනය කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේ ය.
ඒ අනුව එහි අලෙවිකරන ආහාර පානවල සෞඛ්‍ය තත්වය හා ප්‍රමිතිය පිළිබඳව සොයා බලනු ලබයි.
එමෙන්ම ඉදිරියේ දී කොළඹ නගර සභාවේ ලියාපදිංචි වෙළඳුන්ට පමණක් ගාලු මුවදොර වෙළදාමට අවසර හිමි වෙයි.
මේ පියවර අනුගමනය කිරීමට හේතුව වන්නේ ගාලු මුව දොරට පැමිණෙන ජනතාවගෙන් එහි ආහාර වල ප්‍රමිතිය හා පිරිසිදු බව පිළිබඳ නිරන්තර පැමිණිලි නිසා බව කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වෙළඳුන් දැනුවත් කිරීමට විශේෂ වැඩසටහනක් හෙට (31) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත් වේ.
