කොළඹ ඉදගෙන යාපනයට මඩකලපුවට යන්නේ කොහොමද - අපිට ප‍්‍රවාහන පහසුකම් දෙන්න

GMOA Sri Lanka Latest Headlines Doctors Budget 2025 Sinhala news
By Ashfa Jul 28, 2025 01:00 PM GMT
Ashfa

Ashfa

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය වෛද්‍යවරුන් රට තුල රැඳි සීටීම දිරිමත් කිරීම සඳහා 2025 අයවැය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතුරින් ප්‍රධානතම යෝජනාවක් වන 22/99 චක්‍රලේඛණයට වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ඉතිහාසයේ සියළු දුෂ්කර අවස්ථාවන්හිදීත් අද මේ වන විටත් මෙරට සෞඛ්‍ය සේවාව ස්ථාවරව පවත්වා ගනිමින්, සංවර්ධිත රාජ්‍යයන් සමඟ කරට කර සිටිමින් ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමෙහිලා අප රට තුල වූ තීරණාත්මකම සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

මෙහිදි සෞඛ්‍ය සේවාව, දීපව්‍යාප්ත සේවාවක් ලෙස අනවරතව පවත්වාගෙන යාමට විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් සිදු කරන කාර්යභාරය අතිමහත්ය.

"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

මෙම සියළුම වෛද්‍ය කාණ්ඩයන් දිවයිනේ සියළුම ප්‍රදේශයන් ආවරණය වන පරිදි අනුයුක්ත කෙරෙනු ලබයි. ඔවුන්, ගමනාගමනය සඳහා නිසි තත්ත්වයෙන් යුතු මාර්ග පවා නොමැති, ලඟා වීමට අපහසු ප්‍රදේශ වල පවතින දුෂ්කර සේවා ස්ථාන ලෙස ගැනෙන ප්‍රාථමික සත්කාර ඒකක, දිසා රෝහල් සමහර මූලික රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වැනි ආයතනයන්හි දුෂ්කරතා රැසක් මැද ඉතාමත් අඩු පහසුකම් යටතේ මේ මොහොත වන විටත් තම රාජකාරිය සිදු කරමින් සිටියි.

එමෙන්ම තම රාජකාරියේ කොටසක් ලෙස තමන්ට නියමිත ක්ෂේත්‍ර රාජකාරි වල නියුක්ත වන වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් ද සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය ක්ෆෂ්ත්‍රයේ අංශ වලට අනුයුක්තව කටයුතු කරයි. මීට අමතරව වෛද්‍යවරුන් මුහුණදෙන ප්‍රධානතම ගැටළුවක් වන්නේ වෛද්‍ය සේවය දීපව්‍යාප්ත සේවාවක් වීම නිසා නිවසේ සිට රාජකාරි ස්ථානය සඳහා ගමන් කිරීමේදි මුහුණු පෑමට සිදු වන දුෂ්කරතාවයන්ය.

උදාහරණ ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි යම් වෛද්‍යවරයෙකුට යාපනය දිස්ත්‍රික්කයේ හෝ මඩකලපු දිස්ත්‍රික්කයේ තමාගේ රාජකාරි ස්ථානයට වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් තමන්ගේ පෞද්ගලික මුදලින් සපයා ගැනීමට සිදු වී ඇති අතර ඒ සඳහා රජයේ ඒ හා සම අනිකුත් නිලධාරින්ට රජයෙන් ලැබෙන ප්‍රවාහන පහසුකමක්, ඉන්ධන සම්බන්ධ දීමනාවක් ඔවුනට ලැබෙන්නේ නැත. එලෙස රාජකාරි කටයුතු වල නියලීම වෙනුවෙන් තම පෞද්ගලික මුදලින් පියවා ගන්නා ප්‍රවාහන වියදම සඳහා ඔවුනට ලැබෙන වැටුපෙන් විශාල කොටසක් වියදම් කිරීමට සිදු වී තිබේ.

මෙසේ රජයේ අනිකුත් ප්‍රවාහන දීමනාව හිමි නිලධාරීන් එම දීමනාව ලබා ගන්නේ 22/99 චක්‍රලේඛණයට අනුකූලව වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස සියළුම කාණ්ඩ වල වෛද්‍ය නිලධාරීන් මුහුණ දෙන මේ බරපතල ගැටළුව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම මෙම රජයත්, පැවති පසුගිය රජයනුත් සමඟ සාකච්ඡා කරන ලද අතර අවාසනාවකට තවමත් මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලැබි නොමැත.

වෛද්‍යවරුන් ඉහත කී පරිදි 22/99 චක්‍රලේඛණයට අන්තර්ග්‍රහණය කරන්නේ නම් එමඟින් ඇති වන දීර්ඝ කාලීන ලාභ ප්‍රයෝජනය වන වෛද්‍යවරුන් මෙම රට තුල රඳවා ගැනීමට හැකි වීමේ වාසිය ලැබෙන්නේ රටේ සෞඛ්‍ය සේවාවටම වේ. එම නිසා මේ පිළිබඳව ඉක්මනින් සලකා බලා මෙම ගැටළුව විසඳීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාටත්, මේ හා සම්බන්ධ අනෙකුත් රාජ්‍ය නිලධාරින් සහ දේශපාලන අධිකාරියටත් අවදාරණය කර සිටීමට අප කැමැත්තෙමු.

ReeCha