අල්ලස් ගත් තැරව්කරුවෙක් අත්අඩංගුවට

Bribery Commission Sri Lanka Department of Motor Vehicles Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 28, 2025 11:55 AM GMT
Hashini

Hashini

Report

නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසළ දී අල්ලස් ලබාගැනීමට තැත් කළ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කොමිසම විසින් සිදුකරන ලද වැටලීමකදි රුපියල් 10,000ක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධවයි.

බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

යතුරුපැදියක අනු ලියාපදිංචි සහතිකය, මුල් ලියාපදිංචි සහතිකය ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මගින් සංශෝධනය කරවා දීමට සැකකරු රුපියල් 30,000ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

එම මුදලින් ලේඛණ භාරගත් අවස්ථාවේදී අතිකාරම් මුදල් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ලබා ගැනීමේදී එම කාර්යාලයට යාබද ගජබා මාවතෙහි කඩ කාමරයක් තුළදී මෙම තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

නාමල් අත්අඩංගුවට ගන්න වරනේතු

නාමල් අත්අඩංගුවට ගන්න වරනේතු

ReeCha