අසල්වැසියානේ කියලා ඕන් මේ ආණ්ඩුවත් ත්‍රිකුණාමලයේ අක්කර 3071ක් ඉන්දියාවට දීලා - වසන්ත මුදලිගේ

Report

ජාතික ජන අරගල ව්‍යාපාරයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ගිවිසුමකට අනුව ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයක අක්කර 3071ක් ඉන්දීය ආයෝජකයන්ට ලබා දීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බව ප්‍රකාශ කර සිටි බව සඳහන්.

ඒ අනුව ත්‍රිකුණාමලයේ වර්ග කිලෝමීටර් 620ක ප්‍රදේශයක්, එනම් කොළඹ නගරයට සමාන විශාලත්වයකින් යුත් භූමි ප්‍රමාණයක්, ඉන්දියාව සඳහා ආර්ථික කලාපයක් වශයෙන් නම් කර ඇති බවට මුදලිගේ මහතා තවදුරටත් ප්‍රකාශ කර ඇත.

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

මම මෙතන ඉන්නේ මගේ යට ඇඳුම පිටින්, ලෝකෙ ඉස්සරහ ප්‍රසිද්ධ ගායිකාවගේ සාය ගැළවුණාම රසිකයන්ට හික් ගෑවෙද්දි ඇය කරපු දේ

ඔහුට අනුව මේ සඳහා යෝජිත සංවර්ධන ව්‍යාපෘති අතරට ත්‍රිකුණාමලයේ සිට මන්නාරම දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම ද ඇතුළත් වේ.

ඒ අනුව මුදලිගේ මහතා විසින් උපුටා දක්වන ලද විශේෂිත ඉඩම් වෙන් කිරීම් දක්වා ඇත්තේ,

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය: ඉන්දියාවට දැනටමත් බදු දී ඇති තෙල් ටැංකි 62 ඇතුළුව අක්කර 851ක්.

සාම්පූර් බලාගාර ප්‍රදේශය: අක්කර 831ක්.

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

සාම්පූර් ආර්ථික කලාපය: අමතර අක්කර 900ක්.

කුච්චවේලි: මැණික් කැණීම් සඳහා අක්කර 100ක්.

මුත්තුනගර්: මුළු අක්කර 900ක්, එයින් අක්කර 800ක් සූර්ය පැනල ව්‍යාපෘතියක් සඳහා වෙන් කර ඇත.

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

වට්සැප් පාවිච්චි කරන අයට විශේෂ නිවේදනයක්

එමෙන්ම ඔහු තවදුරටත් පවසා ඇත්තේ කොළඹ වරායට සහ ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව නෞකාවලට ඉන්ධන සැපයීමට ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඉන්දියාව සැලසුම් කර තිබෙන බවයි.

ඒ අනුව ඔහු චෝදනා කරන්නේ වර්තමාන ත්‍රිකුණාමල ධීවර ප්‍රජාව එම ප්‍රදේශවලින් ඉවත් කර, ඉන්දීය ආයෝජකයන්ගේ විනෝදාස්වාදයට එම කලාපය වෙන් කිරීමට නියමිත බවයි.

නාමල් අත්අඩංගුවට ගන්න වරනේතු

නාමල් අත්අඩංගුවට ගන්න වරනේතු