මෙන්න මිනිස්සු - නැතිවුණු ලක්ෂ ගානේ ඇපල් ඔරලෝසුව හරවලා දීලා [PHOTO]

Report

මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වන පරිදි, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤ ජාතික යුවළකට අයත් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු අත්ඔරලෝසුවක් සොයාගෙන ඔවුන්ට නැවත භාරදුන් පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයෙකුගේ අවංක හැසිරීමක් පිළිබඳව වාර්තා වෙයි.

"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

මෙම යුවළ, ජූලි 22 වෙනිදා මහනුවර සිට මහියංගණය දක්වා "ජයතිස්ස ලංකා" පෞද්ගලික බස් රථයකින් ගමන් කරනු ලැබුවා අතර, ඒ අවස්ථාවේදී ඔවුන් සතු "ඇපල්" වර්ගයේ අත්ඔරලෝසුවක් නැතිවී තිබුණි.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

නවාතැන්ගත් හෝටලයේ හිමිකරුගේ සහයෝගය ඇතිව, ඔවුන් බස් පතේ තොරතුරු හරහා රථයේ හිමිකරු සම්බන්ධ කර ගත්හ.

අදාළ විමසීමකදී, බස් රථය පිරිසිදු කිරීමේ දී එම අත්ඔරලෝසුව ලැබුණු බවත්, එය රථයේ කොන්දොස්තරවරයා විසින් ආරක්ෂා කර තැබූ බවත් තහවුරු විය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

එ අනුව, ජූලි 23 දින දහවල් මහියංගණය පෞද්ගලික බස් නැවතුම්පොළේදී ඔහු විසින් එම වටිනා ඔරලෝසුව යළිම එම සංචාරකයන්ට භාරදීම සිදු කළාය.

මෙම අවංක ක්‍රියාව සිදු කළේ, මැදමහනුවර ගල්ලියද්ද ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 32ක චන්දන දිසානායක නම් කොන්දොස්තරවරයායි.

ඔවුන්ගේ වටිනා භාණ්ඩය නැවත ලැබීමෙන් සතුටට පත්වූ විදේශික යුවළ, ශ්‍රී ලාංකිකයන්ගේ අවංකභාවය පිළිබඳව ගෞරවනීය ස්තූතියක් පළ කර ඇත.  

Gallery