"මාලිමා ආණ්ඩුව යාළුකමට කන්ටේනර් පන්නලා බොරු ලුණු මගඩියක් ගැහුවා" - උදය ගම්මන්පිල

Udaya Gammanpila Latest Headlines National People's Power - NPP Sinhala news NPP Government
By Ashfa Jul 28, 2025 11:49 AM GMT
Ashfa

Ashfa

Report

අද පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදව් කරපු සමූහ ව්‍යාපාරයේ සභාපති මහතාට ආණ්ඩුව කලගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුව පත් කරපු බවත් මීට පෙර දූෂණ විරෝධින් වාර්තා කලා.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

නමුත් දූෂණය ඉදිරියට මිස පිටුපසට ගියේ නෑ. ආණ්ඩුව ලුණු හිඟයක් මවාපාලා සමාගම සමඟ එකතුවී කරන මහා වංචාවක් රටට හෙලිකිරිම අපේ යුතුකමයි කියලා අපි සැලකුවා. පසුගිය කාලයේ ආණ්ඩුව මැවූ ලුණු හිඟය නිසා ලුණු මෙට්ටික් ටොන් 30,000ක් ආනයනයට නිෂ්පාදකයින්ටම අවසර දෙන්න ආණ්ඩුව තීරණය කරනවා. ඒ සමබන්ධව ආණ්ඩුව නිකුත් කරනවා 2025 අංක 6 දරණ ආනයන අපනයන පාලන රෙගුලාසි.

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

ධනුෂ්ක ගුණතිලකගේ ආදරවන්තියද මේ - මාරම ලස්සන කෙල්ලෙක්

‍මේ රෙගුලාසියේ හතරවෙනි කොන්දේසිය තමයි. මැයි 19 පටන් ගන්න පුලුවන් ආනයනය කිරිම ආනයන අවසන් වෙන්න ඕන ජුනි මාසේ 10 වෙනිදා. ජුනි 10 වෙනිදා හෝ ඊට පෙර දිනයක් නැවට බඩු පැටවිමේදී නිකුත් කරන සහතිකයක් නැතිනම් නැව්භාර පත්‍රයේ සඳහන් විය යුතුයි. නැව්භාර පත්‍රය නැතින්ම බිල් ඔෆ් ලේඩින් කියලා ඉංග්‍රිසියෙන් කියනවා. නැව්ගත කළ දිනය බලන්නේ නැවට භාණ්ඩ පැටවූ බවට නිකුත් කරන සහතිකයෙන්, නැතිනම් නෞභාර පත්‍රයෙන්. නැව් සමාගම භාණ්ඩ භාරගත් දිනය තමයි නෞභාරපත්‍රයට දාන්නේ.

ඒ භාණ්ඩ එදාම නැවට පටවන්නත් පුළුවන්. නැතිනම් දවසක් දෙකක් ගත වෙන්නත් පුළුවන්. ලුණු නැව් ලංකාවට ආවාම සමහර නෞභාරපත්‍ර වල නැව් සමාගම භාරගත් දිනය ජූනි 10 වුණත් නැවට පටවලා තිබෙන්නේ ජූනි 10, 11 සහ 12 දිනවල. ඒ නිසා මේ බහාලුම් නිදහස් කරන්න රේගුව බෑ කිව්වා. අඩුම ගණනේ ජූනි 10 නැවට පැටවූ ලුණු බහාලුම් පවා නිදහස් කරන්න රේගුව ප්‍රතික්ෂේප කලා. ඒ නිසා රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව බහාලුම් 400කට ආසන්න සංඛ්‍යාවක් දැන් මාසයකට වැඩි කාලයක් වරායේ හිර වෙලා තිබෙනවා.

ලුණු කිලෝවක මිල රු 100 සිට රු350 දක්වා තුන් ගණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගියා. මේ අතරේ නැව්භාර පත්‍රයේ දිනය විධියට ජූනි 10 සඳහන් ජූනි 11 සිට 12 දක්වා නැවට පටවපු සමාගමේ බහාලුම් හයක ලුණු ටොන් 168ක් ඒ කියන්නේ ලුණු කිලෝ 168,000ක් නිදහස් කිරීමට රේගුව කටයුතු කරනවා. සරලවම කිව්වොත් වෙනත් සමාගම්වල ජූනි 10 පැටවූ බහාලුම් වරායේ හිර කරගෙන රයිගම් සමාගමේ ජූනි 11 සහ 12 පැටවූ බහාලුම් නිදහස් කරනවා. මුලින්ම මේ බහාලුම් නැවට පැටවූ දිනය ලෙස ජූනි 10 කියා අපි කියන්නේ කොහොමද? මේ තිබෙන්නේ. නිව් ගෝල්ඩන් සී ෂිපිං නමැති නැව් සමාගම වෙනුවෙන් කොස්කෝ ෂිපිං ලයින් නිකුත් කළ මේ නැව්භාර පත්‍රය අනුව නැවට පටවා තිබෙන්නේ ජූනි 10. නමුත් මේවා ඇත්තටම නැවට පටවා තිබෙන්නේ ජූනි 11 සහ 12. ඒ බව කොස්කෝ සමාගමෙන් අපි ලබා ගත්තු වාර්තාවේ තිබෙනවා. ලුණු සමාගමට ලුණු එවූ බහාලුම් හයේම අංක දෙ‍වැනි පිටුවේ සඳහන් වෙනවා.

කොස්කෝ සමාගමෙන් අපි ලබා ගත්තු බහාලුම් වාර්තාව අනුව නැවට පැටවූ දිනය බහාලුම් අංක OOCU059515-2 බහාලුම නැවත පටවන්නේ ජුනි මාසේ 12 මධ්‍යම රාත්‍රී 12 .09 , OOCU047430-09 බහාලුම ජුනි 12 මාධ්‍යම රාත්‍රී 12.04ට, CAIU6944861-07 බහාලුම නැවත පටවන්නේ ජුනි 12 මධ්‍යම රාත්‍රී 12.03ට, OOCU051219-0 බහාලුම නැවත පටවන්නේ ජුනි 12 මධ්‍යම රාත්‍රී 12.00ට, SEGU316341-7 බහාලුම නැවත පටවන්නේ ජුනි 11 දවල් 2.42ට, TLLU328453-0 බහාලුම නැවත පටවන්නේ ජුනි 11 පස්වරු 1.56. එහෙනම් සමාගමේ බහාලුම් හයම නැවත පටවා ඇත්තේ ජුනි 10 නෙවෙයි. ජුනි 11 සහ 12 යි. දැන් සමාගමේ බහාලුම් විතරක් නිදහස් කළ බවට අපට තිබෙන සාක්ෂිය තමයි අන්තර්ජාලයෙන් ඕනෑම කෙනෙකුට පරික්ෂා කළ හැකි බහාලුම් තත්ව වාර්තාව නැතිනම් කන්ටේනර් ස්ටේටස් රිපෝට්. නැව්භාර පත්‍රයේ සඳහන් බහාලුම් අංක සහිත බහාලුම් හයම ජූලි 10 සිට 16 දක්වා අතර හිස් බහාලුම් ලෙස නැවත නැව් සමාගමට ලැබිලා තිබෙනවා. බහාලුම් 400ක් පමණ වරායේ හිර කරගෙන ඉන්න නිසා තවම ලුණු මිල ඉහලයි. සමාගමේ ලුණු කිලෝවක මිල දැන් රු 325යි. සියළු බදු සහිතව ලංකාවට ආනයන වියදම රු80/-යි. මේ රු80/- ගෙනාවේ අයඩීන් සහිත ලුණු. ඒ නිසා දැන් තිබෙන්නේ පැකට් කර විකුණන්න විතරයි.

ලංකාවට ගොඩබාන විට රු80/-ක් පිරිවැය වුණු ලුණු රු325/-ක් වුණේ කොහොමද කියන එක සමාගම විසින් අපට පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා ඉසි ලුණු වල ප්‍රමිතිය රැක ගන්න ආනයනය කරන ලුණු සෝදා වියලනය කරනවා. එහෙම කලත් මෙතරම් මිල ඉහල ගියේ කොහොමද? ආණ්ඩුව විසින් කැට ලුණු සඳහා රු 180/-ක් ද කුඩු ලුණු සඳහා රු240/-ක් ද වශයෙන් කිලෝවකට උපරිම මිලක් නියම කර තිබෙනවා.

එහෙම තිබිය දී රු240/- ලුණු කිලෝව විකුණන්නේ රු325/-ට. මේ මම කියන්නේ අද දවසේ වෙළඳපොලේ මිල. මේ පිළිබඳ කිසිම පියවරක් ගන්න පාරිභෝගික ආරක්ෂක අධිකාරිය බය වෙන්නේ ලොක්කා ජනපතිගේ මිතුරෙකු නිසා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා. සමාගමේ බහාලුම් පමණක් නිදහස් කලේ ඩබ්ල් පොකට් කමිසයක සාක්කු දෙකම පිරුණු නිසා ද? නැතිනම් කලින් දුන්නු උදව් වලට කලගුණ සලකන්න ද? ආණ්ඩුව වහාම මේ ගැන රටට ප්‍රකාශයක් කළ යුතුයි.

රේගුව යොදාගෙන ආණ්ඩුව මේ කරන දූෂණ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙලා තිබෙන්නේ බහාලුම් 323 වංචාව පිළිබඳ සියළුම තොරතුරු සීඅයිඩියට සහ අල්ලස් කොමිසමට භාර දී තිබිය දී මේ අය ඒ ලිපි ගොනු උඩ නිදාගෙන ඉන්න නිසා කියන එක සිහිපත් කරන්න කැමැතියි. පොලිසියේ ලොක්කන් විධියට ඉන්නේ මාලිමා මැතිවරණ වේදිකාවේ හිටිය දේශපාලකයින් නිසා ආණ්ඩුවට විරුද්ධව ලැබෙන පැමිණිලි ගැන ඒ අය ක්‍රියා කරන්නේ නෑ කියමුකෝ. ඒත් ස්වාධීන යැයි සම්මත අල්ලස් කොමිසම මේ ගැන නිහඬව සිටීම නම් අපට දැවැන්ත ප්‍රහේලිකාවක්. සමාගම් වලින් ලැබෙන දැන්වීම් වලට පෙරේත වෙලා මේ වංචාව සඟවන්න එපා කියලා සියළුම මාධ්‍ය වලින් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ReeCha