ඉඩම් හිමියන්ට පණිවිඩයක් - ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන මේ දේ ගැන දන්නවා ද?.
රජය විසින් බලපත්‍රලාභී ඉඩම් හිමියන්ට සින්නක්කර ඔප්පු ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ පෙබරවාරී 4 වනදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමීව දීප ව්‍යාප්තව මෙය ආරම්භ කෙරෙයි.
ඒ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (25) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සුලු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම මහනුවර, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට සහ කුරුදු - කෝපි වගාවන් යලි ස්ථාපිත කරන බව ද ඒ මහතා සඳහන් කළේ ය.