ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබදව ජනාධිපතිගෙන් බරපතළ ප්‍රකාශයක්.
By Gagana
විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව තමන් ක්‍රිකට් ආයතනය විසින් අධිකරණය හමුවේ ගොනුකිරීමට නියමිතව තිබූ නඩුවට පෙනී සිටින ලෙස නීතිපතිවරයාට දැනුම්දුන් බවයි.
තවද එහිදී පැවසුවේ ඊට පසුදින නඩුව සඳහා ඔවුන් අධිකරණය වෙත යනවිට 10.30 වී ඇති බවත් ඒ වනවිට නඩු තීන්දුව ලබා දී ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බවත්ය.
නියමිත වෙලාවට ඔවුන් අධිකරණය වෙත ගියේ නම් මෙවැනි අවස්ථාවක අධිකරණයෙන් යම්කිසි තීන්දුවක් ලබාදීමට තිබූ බවද ජනපති පැවසීය.